පාසල් ගීතය
අවිදු අඳුර බිදිමින් විදු කිරණින්
මල් දරු දැරියන් පුබුදුවනා
සාලියපුර අප විදුහල් මාතා
පිබිදේ දින දින පිබිදේවා....//
හෙළ බස දස දෙස නංවන එඩියෙන්
නැණ ක්ෂීරය ළය තුළ පුරනා
සාලියපුර අප විදුහල් මාතා
සුදිලේ දින දින සුදිලේවා...//
වැව් දාගැබ් පිය හමනා සුළඟින්
හෙළ විරුවන් සිත් තුළ රඳනා
සාලියපුර අප විදුහල් මාතා
වැජඹේ දස දෙස වැජඹේවා...//