- පිරිමි ළමුන් තම කොණ්ඩය කොටට කපා පැත්තකට පීරා තිබිය යුතු අතර ගැහැණු ළමුන් කොණ්ඩෙ හිස මැදින් බෙදා මනාව පීරා කරල් දෙකකට ගොතා කෙළවර කළු රිබන් පටි දෙකකින් බැඳිය යුතුය.
- තම ඇඳුම සෝදා මැද පිරිසිදුව ඇඳිය යුතු අතර පාසල් ලාංඡනය තම ඇඳුමේ වම්පස ඉහළ ප්‍රදර්ශනය විය යුතුය.
- ගැහැණු ළමුන්ගේ ගවුම ඉණ සිට සිහින රැළි යොදා තිබිය යුතු අතර ගවුම දණහිසෙන් අඟල් දෙකක් පහළට විය යුතුය.
- පාසල් ටයි පටිය අනිවාර්යෙන්ම ගැහැණු ළමුන් පැලඳිය යුතු අතර දෙපාර්ශ්වයම සපත්තු පැළඳිය යුතුය.
- හිඳගෙන, සිටගෙන හා ගමන් කරන විට තම කය සෘජුව තබා ගත යුතු අතර වචනය ඍජු විය යුතුය.
- දිනපතා පාසල් පැමිණිය යුතු අතර නොපැමිණෙන එක් දිනයක් වෙනුවෙන් දෙමව්පිය / භාරකරුවන්ගෙන් ලිපියක් ඉදිරිපත් කළ යුතුය .
- නොපැමිණෙන දින දෙකක් වෙනුවෙන් වෛද්‍ය සහතිකද , ඊට වැඩි වන අවස්ථාවක වෛද්‍ය සහතික දෙමව්පියන් පාසලට ඉදිරිපත් කළ යුතුය .
- විෂය ඉගැන්වීමේදී සාවධානව අසා සිටිය යුතු අතර අන්‍යයන්ට බාධා නොකළ යුතුය .
- පන්තියේදී නිශ්ශබ්ද විය යුතු අතර පන්තියෙන් පිටව යාමේ දී අවසර පත සහිතව පේලියට ගමන් කළ යුතුය.
- නිවසේදී විෂය ඉගැන්වීමේ කටයුතු වල යෙදුණු බවට වන වාර්තාව සිකුරාදා දින පන්තිභාර ගුරුවරයාට ඉදිරිපත් කළ යුතුය .
- පවරන ලද විෂය / විෂය සමගාමී කටයුතු නියමාකාරයෙන් ඉටුකළ යුතුය .
- සෑම ශිෂ්‍ය / ශිෂයාවකම අවම වශයෙන් එක් ක්‍රීඩාවක්වත් කළ යුතුය .
- විද්‍යාලය තුළදී මෙන්ම පිටතදීත් විද්‍යාලයේ කීර්ති නාමය පළුදු නොවීමට වග බලා ගත යුතුය .
- සිසු දරු දැරියන් ගුරුවරුනට , වැඩිහිටියනට හා වැඩිහිටි ශිෂ්‍ය ශිෂ්‍යාවනට ගරු කළ යුතුය .
- තම දෙමව්පියන්ගේ මෙන්ම පාසලේ අපේක්ෂා ඉටුවන පරිදි ජාතික මට්ටමේ විභාග ප්‍රතිඵල අත්කරගත යුතුය .
- Home
- අපේ පාසල ගැන
- නීති හා රෙගුලාසි